
මදුරුවන් බෝවීමට සැලස්වීමේ චෝදනාව මත මේ සතිය තුළ
පුද්ගලයන් 57 කට සහ ආයතන 27 ක් වටලා දහහතර ලක්ෂ
දස දහසක (14,10000/=) දඩ මුදලක් නියම කළ බව ගොතටුව
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසනවා.
පසුගිය 17 වනදා සිට අද (24) තුළ ගොතටුව බල ප්‍රදේශය කරන
ලද වැටලීම්වලින් මදුරුවන් බෝවීමට සැලැස්වීමට කටයුතු කළ
පුද්ගලයන් 57 ක් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම දඩ මුදල් නියම වූ බවයි
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කළේ.
මෙහිදි මදුරුවන් බෝවන අයුරින් පරිසරය පවත්වාගෙන ගිය ආයතන
27 ක් සම්බන්ධයෙන් ද අධිකරනයට කරුණු වාර්තා කරනු ලැබුවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න විසින් මෙම
දඩ මුදල් නියම කර තිබුණා.
ඩෙංගු මැදුරුවන් බෝවන ස්ථාන සොයා තවදුරටත් වැටලිම් සිදු කරන
බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුවන් දන්නා සිටියේ.
මෙම වැටලීම් ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන පරිපාලන
වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත සිදු කර බවයි ඔවුන් දන්වා සිටියේ.