
වෙළඳපල ප්‍රමුඛයා වන හෝම් ලෑන්ඩ්ස් සමූහය (Home Lands Group), වරාය නගරයේ ඉදිකරන ඔවුන්ගේ දැවැන්තම Central Park Boulevard අපාර්ට්මන්ට් සංකීර්ණයේ ඉදිකිරීම් අරඹමින් ලංකාවේ සිදුකළ දැවැන්තම සමාරභක සමාරම්භක උළෙල පැවැත්වුවා.
ආගමික නායකයින්ගේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව සුබ නැකැත්වලට අනුව මුල්ගල තැබීම සහ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළා. මෙම සුවිශේෂී සන්ධිස්ථානය සනිටුහන් කිරීමට සහ හෝම් ලෑන්ඩ්ස් සමග රජයේ නිලධාරීන්, ආයෝජකයින්, ව්‍යාපාරික නායකයින්, පාර්ශවකරුවන් සහ මාධ්‍යවේදීන් ඇතුළු සම්භාව්‍ය අමුත්තන් රැසක් සන්ධ්‍යා භාගයේ සැමරුම් උත්සවයට එක්වූහ.
හෝම් ලෑන්ඩ්ස් සමූහයේ සභාපතිතුමා, කළමනාකාරීත්වය සහ සම්භාවනීය ආරාධිතයින් එක්ව සෙන්ට්‍රල් පාර්ක් බූල්වාර්ඩ් පෝට් සිටි කොළඹ හි ඉදිකිරීම් ආරම්භ කිරීම සංකේතවත් කරමින් නිල වශයෙන් මුල්ගල තැබීමේ උත්සවය සිදු කරන ලදී. හුදෙක් මුල්ගල තැබීමකට ඔබ්බට යමින්, මෙම උත්සවය ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් අංශය සඳහා නව යුගයක් උදාකළ අතර එය ඉන්දියන් සාගරයේ මීළඟ ආශ්චර්ය බවට පත්වීමේ ආරම්භයද සනිටුහන් කළේය.
සෙන්ට්‍රල් පාර්ක් බූල්වාර්ඩ් පෝට් සිටි යනු කොළඹ පෝට් සිටි හි පිහිටි වඩාත්ම සුවිශේෂී සලකුණ වන අති සුඛෝපභෝගී නිවුන් කුළුණු සංවර්ධන ව්‍යාපෘතියකි. ජාත්‍යන්තරව කීර්තිමත් අති සුඛෝපභෝගී ජීවන රටා සන්නාමයකින් ආභාෂය ලද සෙන්ට්‍රල් පාර්ක් බූල්වාර්ඩ්, ශ්‍රී ලංකාව තුළ මෙම සුවිශේෂී සංකල්පයේ පුරෝගාමියා ලෙස හෝම් ලෑන්ඩ්ස් පෙරමුණ ගනිමින් සුඛෝපභෝගී ජීවන රටාව සඳහා නව ප්‍රමිතියක් හඳුන්වා දෙයි. පෝට් සිටි කොළඹ හි කීර්තිමත් සෙන්ට්‍රල් පාර්ක් කලාපයේ තුළ පිහිටා ඇති මෙම සංවර්ධන ව්‍යාපෘතිය අක්කර 40ක් පුරා විහිදුණු හරිත මධ්‍යම උද්‍යානය (Central Parkland), භූ දර්ශන සහිත උද්‍යාන, මනරම් ජල මාර්ග සහ සන්සුන් මාවත් සමඟින් මුසු වී ඇති අතර, පදිංචිකරුවන්ට සොබාදහම, සුවිශේෂත්වය සහ ඉහළ මට්ටමේ නවීනත්වයේ අසමසම සම්මිශ්‍රණයක් ලබා දෙයි.
මෙම සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතිය ඩිලක්ස් මහල් නිවාස (deluxe apartments), ස්කයි විලා (sky villas), පෙන්ට්හවුස් (penthouses) සහ එමරල්ඩ් මන්දිර (Emerald Mansions) ඇතුළු සුඛෝපභෝගී නිවාස එකතුවකින් සමන්විත වන අතර, ශ්‍රී ලංකාවේ මින් පෙර කිසිදා අත්විඳ නැති ඉහළ ජීවන තත්ත්වයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති ලෝක මට්ටමේ පහසුකම් රැසකින් ද සමන්විත වේ.
මෙම මාසය මුලදී, ශ්‍රී ලංකාවේ විශාලතම දේපල වෙළඳාම් එළිදැක්වීමේ අවස්ථාව ලෙස පිළිගැනෙන සෙන්ට්‍රල් පාර්ක් බූල්වාර්ඩ් හි එළිදැක්වීමේ සති අන්තයෙදී සාර්ථකව පවත්වන ලදී. තෙදිනක් පුරා පැවති මෙම වැඩසටහන් මාලාවට ශ්‍රී ලංකාවෙන් සහ විදේශයන්ගෙන් ආයෝජකයින්, අනාගත නිවාස හිමියන්, ව්‍යාපාරික නායකයින් සහ කර්මාන්ත පාර්ශවකරුවන් ආකර්ෂණය විය. ඉන් අනතුරුව පෝට් සිටි කොළඹ හිදී සෙන්ට්‍රල් පාර්ක් බූල්වාර්ඩ් විකුණුම් ප්‍රදර්ශනාගාරය (Sales Gallery) විවෘත කරන ලද අතර, එහිදී ආරාධිතයින්ට මෙම සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ පූර්ව දසුනක් ලබා දුන් අතර, වෙළඳපොළේ ඉහළ ප්‍රතිචාරය තහවුරු කරමින් මෙම දැවැන්ත ව්‍යාපෘතියේ මීළඟ පරිච්ඡේදය සඳහා වේදිකාව සකස් කරන ලදී.
සෙන්ට්‍රල් පාර්ක් බූල්වාර්ඩ් හි ඉදිකිරීම් මාස 40ක් ඇතුළත නිම කිරීමට නියමිතය. උසස් තත්ත්වයේ සංවර්ධන ව්‍යාපෘති නියමිත වේලාවට ලබා දීමේ සුවිශේෂී වාර්තාවක් ඇති පූර්ණ ඒකාබද්ධ සංවර්ධකයෙකු ලෙස හෝම් ලෑන්ඩ්ස් හි ශක්තිය මෙම අභිලාෂකාමී කාලරාමුව තුළින් පිළිබිඹු වේ. ශ්‍රී ලංකාව පුරා නිවාස 3,750 කට වඩා සාර්ථකව ලබා දී ඇති සමාගම, ගුණාත්මකභාවය, විශිෂ්ට නිමාව සහ පාරිභෝගික තෘප්තියේ ඉහළම ප්රමිතීන් පවත්වා ගනිමින් සුවිශේෂී ව්‍යාපෘති කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට තම හැකියාව අඛණ්ඩව පෙන්නුම් කර ඇත.
ඉදිකිරීම් කටයුතු දැන් නිල වශයෙන් ආරම්භ වී ඇති බැවින්, සෙන්ට්‍රල් පාර්ක් බූල්වාර්ඩ් තවත් එක් සංවර්ධන ව්‍යාපෘතියකට වඩා වැඩි යමක් නියෝජනය කරයි. එය ලෝක මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති ලබා දීමට හෝම් ලෑන්ඩ්ස් හි ඇති කැපවීමේ සහ ලොව හොඳම දේපල වෙළඳාම් ආයෝජන ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් නංවාලීමේ එහි දැක්මේ සංකේතයක් ලෙස පවතී. හෝම් ලෑන්ඩ්ස් සඳහා තවත් සුවිශේෂී පරිච්ඡේදයක් දිගහැරෙන විට, පරම්පරා ගණනාවක් පුරා පවතින උරුමයක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් ක්ෂේත්රයේ පරිණාමයට සමාගම අඛණ්ඩව නායකත්වය දෙයි.
හෝම් ලෑන්ඩ්ස් පිළිබඳව
ශ්‍රී ලංකාවේ අංක එකේ, වඩාත්ම විශ්වාසදායක සහ නව්‍ය සංවර්ධකයා වන හෝම් ලෑන්ඩ්ස්, විශ්වාසය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය මත ගොඩනැගුණු උරුමයක් සමඟින් ජාතියේ දේපල වෙළඳාම් ක්ෂේත්රය හැඩගස්වමින් සිටී. හෝම් ලෑන්ඩ්ස් යනු ශ්‍රී ලංකාව තුළ නිවාඩු නිකේතන පන්නයේ (resort-style) නේවාසික සංවර්ධන ව්‍යාපෘතිවල පුරෝගාමියා වන අතර, ගුණාත්මකභාවය, සැලසුම්කරණය සහ ජීවන රටාව තුළ නව ප්රමිතීන් ඇති කරමින් නවීන ජීවන රටාව අඛණ්ඩව අර්ථ දක්වයි. CIDA වෙතින් ඉහළම CS2 ශ්‍රේණිගත කිරීම ලබා ඇති එහිම ඉදිකිරීම් අංශය වන Heyraa Construction ඇතුළුව සමාගම් 14 කින් යුත් පූර්ණ ඒකාබද්ධ සමූහයක් ලෙස, හෝම් ලෑන්ඩ්ස් ඉහළ ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය සහතික කරමින් දේපල වෙළඳාම්, ඉදිකිරීම්, දේපල කළමනාකරණය සහ ජීවන රටා නිර්මාණය යන අංශ හරහා අංගසම්පූර්ණ විසඳුම් සපයයි.
ඕස්ට්‍රේලියාව, ඩුබායි සහ ලන්ඩන් හි කාර්යාල සමඟ වර්ධනය වන ගෝලීය පැවැත්මක් සමඟින්, හෝම් ලෑන්ඩ්ස් දේශීය සහ ජාත්‍යන්තර පාරිභෝගිකයින්ට සේවා සපයන අතර, රට පුරා සුවිශේෂී නේවාසික ව්‍යාපෘති ලබා දෙයි.
PropertyGuru Asia Property Awards හිදී අඛණ්ඩව වසර තුනක් 'ශ්‍රී ලංකාවේ හොඳම සංවර්ධකයා' (Best Developer – Sri Lanka) සම්මානය ඇතුළුව සම්මාන රාශියක් දිනාගෙන ඇති හෝම් ලෑන්ඩ්ස්, 2025 වසරේදී ශ්‍රී ලංකාවේ එකම දේපල වෙළඳාම් සුපර්බ්‍රෑන්ඩ් (Superbrand) බවට පත්වෙමින් Superbrands තත්ත්වයෙන් ද පිදුම් ලැබීය.