
මිහින්තලේ පොලිසිය විසින් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් සිරකූඩුවෙන් පලා ගොස් තිබෙනවා. ඊයේ (03/06) සවස සිදුකළ වැටලීමකදී මිහින්තලේ අඹතලාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා. එම සැකකරුවන්ට අදාළ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන, අද (04/06) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත්, අද (04) අලුයම ඔවුන් රඳවා සිටි පොලිස් සිරකූඩුවේ අගුල ගලවා පැන ගොස් ඇති බව මිහින්තලේ පොලිසිය පවසනවා. පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අතර, ඔවුන් සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිසිය සඳහන් කළා. මිහින්තලේ පොලිසිය විසින් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරගෙන යනු ලබනවා.