News Center Logo
News Center Logo
සජීවී

මැදපෙරදිග ගැටුමේ නවතම තත්ත්වය

4 days ago

in about 5 hours

නෙතන්යාහුගෙන් ඉරානයට රතු එළියක් - ප්‍රහාර එල්ල කළොත් ප්‍රබල ප්‍රතිචාරයක්

නෙතන්යාහුගෙන් ඉරානයට රතු එළියක් - ප්‍රහාර එල්ල කළොත් ප්‍රබල ප්‍රතිචාරයක්

ඉරානය නැවතත් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළහොත්, ඊට දැඩි හා ප්‍රබල ප්‍රතිචාරයක් දක්වන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරනවා. සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු කියා සිටියේ, "ඉරානයේ නායකයන්ට මම පැහැදිලිව කියනවා... ඔබ අපට ප්‍රහාර එල්ල කළහොත්, මෙතෙක් පැවති නිහඬ තත්ත්වය දිගටම පවතිනු ඇතැයි බලාපොරොත්තු නොවන්න." යනුවෙනි. "අපට ප්‍රහාර එල්ල කළත් අපි ප්‍රතිප්‍රහාර නොදක්වන යුගය දැන් අවසන්... මෙතැන් සිට අපට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට තීරණාත්මක හා ප්‍රබල ප්‍රතිප්‍රහාරයකින් පිළිතුරු දෙනවා." යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබෙනවා. මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර අවධානය යළිත් ඉහළ ගොස් තිබෙනවා.

in about 2 hours

ගල්ෆ් කලාපයේ ගුවන් ගමන් අවදානම් - මිසයිල හා ඩ්‍රෝන ගැන EASA අනතුරු ඇඟවීමක්

ගල්ෆ් කලාපයේ ගුවන් ගමන් අවදානම් - මිසයිල හා ඩ්‍රෝන ගැන EASA අනතුරු ඇඟවීමක්

බහරේන්, කුවේට්, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සහ ගල්ෆ් ඔමාන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිත ගුවන් කලාපය හරහා ගුවන් ගමන් සිදු නොකරන ලෙස යුරෝපීය ගුවන් ආරක්ෂක ඒජන්සිය (EASA) ගුවන් සේවා සමාගම් වෙත අනතුරු අඟවයි. කලාපයේ පවතින අනපේක්ෂිත යුධමය තත්ත්වය, මිසයිල, ඩ්‍රෝන යානා, ප්‍රහාරක ගුවන් යානා සහ ගුවන් ආරක්ෂක පද්ධති භාවිතා වීමේ අවදානම හේතුවෙන්, එම ගුවන් කලාපය තුළ සියලු උස මට්ටම්වල සිවිල් ගුවන් ගමන් සඳහා දැඩි අවදානමක් පවතින බව යුරෝපීය ගුවන් ආරක්ෂක ඒජන්සිය පවසයි. මීට පෙරද EASA විසින් ඉරානය, ඉරාකය සහ ලෙබනනය යන රටවල ගුවන් කලාපය හරහා ගුවන් ගමන් නොකරන ලෙස ගුවන් සේවා සමාගම් වෙත උපදෙස් ලබාදී තිබුණි. මෙම ආරක්ෂක උපදෙස් හේතුවෙන් මැද පෙරදිග කලාපය හරහා ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ගුවන් ගමන්වල මාර්ග වෙනස්වීම් සහ ප්‍රමාදයන් ඇති විය හැකි බවට අපේක්ෂා කෙරේ.

about 4 hours ago

ඇමරිකාවේ පස්වන නාවික බලඇණි මූලස්ථානයට IRGC ප්‍රහාරයක්

ඇමරිකාවේ පස්වන නාවික බලඇණි මූලස්ථානයට IRGC ප්‍රහාරයක්

බහරේනයේ පිහිටි ඇමරිකානු නාවික හමුදාවේ පස්වන නාවික බලඇණි (US Fifth Fleet) මූලස්ථානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කරනවා. මෙම ප්‍රහාරවලින් හමුදා කඳවුරේ ඉන්ධන ගබඩා කිහිපයක ගිනි හටගෙන ඇති අතර, Patriot ගුවන් ආරක්ෂක රේඩාර් පද්ධතියක්, ගුවන් පාලන රේඩාර් පද්ධතිය, C-RAM පූර්ව අනතුරු ඇඟවීමේ රේඩාර් පද්ධතිය සහ මිනිසුන් රහිත මුහුදු යාත්‍රා පාලන මධ්‍යස්ථානය විනාශ කළ බවද IRGC සංවිධානය ප්‍රකාශ කළා. තවද, "මෙම ප්‍රතිප්‍රහාර මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වන බව IRGC සඳහන් කරනවා. මේ අතර ජෝර්දානයේ අමරිකානු ගුවන් කඳවුරට බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව IRGC පවසනවා.

about 4 hours ago

සෞදි අරාබියේ අභා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට හූති ප්‍රහාරයක්

සෞදි අරාබියේ අභා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට හූති ප්‍රහාරයක්

සෞදි අරාබියේ අභා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉලක්ක කර බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ සහාය ලබන යේමනයේ හූති සංවිධානය පවසනවා. හූති පාර්ශ්වය සඳහන් කළේ, සානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය සිදු කළ බවයි. සෞදි ගුවන් අවකාශය භාවිත කිරීමෙන් වළකින ලෙස හූති සංවිධානය
සියලුම ගුවන් සමාගම්වලට අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා. මේ අතර, සානා ගුවන් තොටුපොළට එල්ල කළ ප්‍රහාරය තමන් විසින් සිදු කළ බව යේමනයේ රජය ප්‍රකාශ කර ඇත.

about 19 hours ago

තුන්වන දිනටත් අමෙරිකාවෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාර

තුන්වන දිනටත් අමෙරිකාවෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාර

ඉරානයට එරෙහිව දියත් කළ නවතම ප්‍රහාර මාලාව සාර්ථකව අවසන් කළ බව අමෙරිකානු හමුදාව පවසයි.

අඛණ්ඩව තුන්වන දිනටත් එල්ල කළ ප්‍රහාරවලින් පසුව, බුෂෙහ්ර්, චා බහාර්, ජාස්ක්, කොනාරක්, අබු මූසා සහ බන්ඩර් අබ්බාස් යන ප්‍රදේශවල පිහිටි ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටී.

අමෙරිකානු හමුදාව සඳහන් කර සිටින්නේ වාණිජ නැව් ගමනාගමනයට ප්‍රහාර එල්ල කිරීමට ඉරානයට ඇති හැකියාව තවදුරටත් දුර්වල කිරීම මෙම ප්‍රහාරවල අරමුණ වන බවය.

මේ වන විට මැදපෙරදිග කලාපය පුරා 50,000කට අධික අමෙරිකානු සේවා නිලධාරීන් පිරිසක් යොදවා සිටින බව ද සඳහන්.

about 20 hours ago

UAE තෙල් ප්‍රවාහන නැව් දෙකකට ඉරානයෙන් ප්‍රහාර

UAE තෙල් ප්‍රවාහන නැව් දෙකකට ඉරානයෙන් ප්‍රහාර

හෝමුස් සමුද්‍ර සන්ධියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් තෙල් ප්‍රවාහන නැව් දෙකකට ඉරාන කෲස් මිසයිල ප්‍රහාර එල්ල වීමෙන් ඉන්දීය ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

තුවාල ලැබූ අටදෙනාගෙන් හතරදෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බවත් ඉන් හයදෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර දෙදෙනෙකු යුක්රේන ජාතිකයින් වන බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහන් කර සිටී.

එරට ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මොම්බාසා සහ අල් බහියා යන නැව් දෙක ඕමාන් මුහුදු සීමාවේ පවතින හෝමූස් සමුද්‍ර සන්ධියේ දකුණු මංතීරුවේ ගමන් කරමින් සිටියදී මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවය.

මියගිය කාර්ය මණ්ඩල සාමාජිකයා මොම්බාසා නැවේ සිටි අයෙකු බව ද සඳහන්.

මෙම ප්‍රහාරය හේතුවෙන් නැව් දෙකෙහිම ගින්නක් හටගෙන ඇති අතර, ඉන් නැව්වලට දැඩිව හානි සිදුව ඇත.

කෙසේවෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙය "නිර්ලජ්ජිත ප්‍රහාරයක්" ලෙස හෙළා දැක ඇති අතර මෙම තත්ත්වයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ සම්පූර්ණ අයිතිය තමා සතු බව ද පවසා ඇත.

ඕනෑම තර්ජනයකට මුහුණ දීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පූර්ණ සූදානමකින් පසුවන බවත්, රටේ ආරක්ෂාව අස්ථාවර කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැඩිදුරටත් සඳහන් කර සිටී.

about 20 hours ago

හෝර්මුස් සමුද්‍ර සන්ධිය අපි පාලනයට ගන්නවා – ට්‍රම්ප්ගෙන් දැඩි ප්‍රකාශයක්

හෝර්මුස් සමුද්‍ර සන්ධිය අපි පාලනයට ගන්නවා – ට්‍රම්ප්ගෙන් දැඩි ප්‍රකාශයක්

එක්සත් ජනපදය සමඟ ඇති කරගත් එකඟතාවක් ඉරානය විසින් උල්ලංඝනය කළ බව පවසන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝර්මුස් සමුද්‍ර සන්ධිය “බොහෝ විට පාලනයට ගන්නා” බව ප්‍රකාශන් කරනවා. ෆොක්ස් නිව්ස් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කොට තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත..... “අපි සමුද්‍ර සන්ධිය පාලනයට ගන්නවා... ඔවුන්ට කිසිවක් නැහැ” යනුවෙනි. ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකානු මධ්‍යම හමුදා අණදෙන ඒකකය (CENTCOM) විසින් සිදුකළ ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ, ඇමරිකාව ඉරානයට “දැඩි පහරක්” එල්ල කළ බවයි. “ඔවුන්ගේ බොහෝ දේ විනාශ වී තිබෙනවා... ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධතිත් විනාශ වී තිබෙනවා” යැයි පවසා තිබෙනවා. මේ අතර, ඉරාන තානාපති කාර්යාලය සඳහන් කළේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම සඳහා තාවකාලික ආරක්ෂිත මුහුදු මාර්ගයක් ස්ථාපිත කර ඇති බවයි. එහෙත් ඇමරිකානු හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන් එම ප්‍රදේශය “ඉහළ අවදානම් කලාපයක්” බවට පත්ව ඇති බවයි.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය ලෝකයේ ප්‍රධාන තෙල් ප්‍රවාහන මාර්ගයක් වන අතර, එහි ඇතිවන ඕනෑම අර්බුදයක් ගෝලීය බලශක්ති වෙළඳපොළට බලපෑම් ඇති කරනවා.

about 20 hours ago

බ්‍රිතාන්‍යය තුල ඉරානයේ IRGC තහනම් කෙරේ - සහාය දුන්නොත් වසර 14 ක් හිරේට

බ්‍රිතාන්‍යය තුල ඉරානයේ IRGC තහනම් කෙරේ - සහාය දුන්නොත් වසර 14 ක් හිරේට

ඉරානයේ ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක බලකාය ( Islamic Revolutionary Guard Corps - IRGC) සංවිධානය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සංවිධානයක් ලෙස නිල වශයෙන් නම් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු ලේකම් ෂබානා මහ්මුද් (Shabana Mahmood) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රකාශයකින් සඳහන් කළේ, නව නීති බලතල යටතේ IRGC සංවිධානයට සහාය දැක්වීම, එය ප්‍රසිද්ධියේ ප්‍රශංසා කිරීම, හෝ එහි ක්‍රියාකාරකම් සඳහා උදව් කිරීම ද බරපතළ අපරාධයක් වන අතර, ඒ සඳහා උපරිම වශයෙන් වසර 14ක සිර දඬුවමක් නියම කළ හැකි බවයි. මෙම නීතිය යටතේ තවත් සංවිධාන දෙකක් ද තහනම් කොට ඇති අතර එලෙස තහනමට ලක් කළ සංවිධාන වන්නේ Islamic Movement of Companions of the Right (IMCR) සහ රුසියාවේ හමුදා බුද්ධි අංශය වන GRU සමඟ සම්බන්ධ ස්වේච්ඡා කණ්ඩායමකි. නව නීති මඟින් බ්‍රිතාන්‍ය පොලීසියට සහ බුද්ධි අංශවලට විදේශීය ඔත්තු සේවා, රාජ්‍ය මැදිහත්වීම්, කඩාකප්පල්කාරී ක්‍රියා සහ ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා වැඩි බලතල හිමි වනු ඇත. බ්‍රිතාන්‍ය බලධාරීන් පවසන්නේ, IRGC සංවිධානය බ්‍රිතාන්‍යයේ යුදෙව් සහ ඊශ්‍රායල ප්‍රජාව ඉලක්ක කරගත් ප්‍රහාර කිහිපයක් මෙහෙයවා ඇති බවයි. ඒ අතර 2025 මාර්තු 23 වනදා ලන්ඩනයේ ගෝල්ඩර්ස් ග්‍රීන් (Golders Green) ප්‍රදේශයේ යුදෙව් හදිසි වෛද්‍ය සේවාවකට අයත් ගිලන් රථ හතරකට ගිනි තැබූ ප්‍රහාරය ද ඇතුළත් වන අතර, එම ප්‍රහාරයේ වගකීම IMCR සංවිධානය භාරගෙන තිබුණා. අග්‍රාමාත්‍ය සර් කීර් ස්ටාර්මර් (Sir Keir Starmer) ප්‍රකාශ කළේ, විදේශීය රාජ්‍යයන්ට බ්‍රිතාන්‍යය තුළ බිය, බෙදීම සහ ප්‍රචණ්ඩත්වය පතුරුවා හැරීමට කිසිදු ඉඩක් නොදෙන බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ..... “ඉරාන පාලනයට සහ එයට සම්බන්ධ පුද්ගලයන්ට මෙන්ම රුසියානු මෙහෙයුම් ජාලවලට එරෙහිව අප දැනටමත් දැඩි පියවර ගෙන තිබෙනවා... නව නීති මඟින් ඔවුන් වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ක්‍රියා කරන පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ඒම සහ සිරගත කිරීම තවත් පහසු වේ.” මෙම නීති පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුවහොත්, විදේශීය රාජ්‍යයක් වෙනුවෙන් ගිනි තැබීම, කඩාකප්පල්කාරී ක්‍රියා හෝ වෙනත් විනාශකාරී ක්‍රියාවල නිරත වන පුද්ගලයන්ට ජීවිතාන්ත සිර දඬුවම් ද නියම කළ හැකි වනු ඇත. නව නීති අනුව, මෙවැනි අපරාධ සම්බන්ධ නඩු පැවරීමේදී විදේශීය රාජ්‍යයන් සමඟ සෘජු සම්බන්ධතාවයක් සෑම අවස්ථාවකම වෙන වෙනම ඔප්පු කිරීමට අවශ්‍ය නොවන බැවින්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වඩාත් පහසු වනු ඇත. අභ්‍යන්තර කටයුතු ලේකම් ෂබානා මහ්මුද් පැවසුවේ..... “ඉරානය සහ රුසියාව තමන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය තුළ ප්‍රොක්සි කණ්ඩායම් සහ අපරාධකරුවන් භාවිතා කරනවා... ඔවුන් වෙනුවෙන් ක්‍රියා කරන අය හඳුනාගෙන නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා අප මෙම සංවිධාන තුනම ඉක්මනින් තහනම් කළා.” එසේම, MI-5 බ්‍රිතාන්‍ය බුද්ධි අංශය අනාවරණය කර ඇත්තේ පසුගිය වසර තුළ ඉරානයේ සහාය ලැබූ, බ්‍රිතාන්‍යයේ පුද්ගලයන් ඉලක්ක කරගත් මාරාන්තික ප්‍රහාර සැලසුම් 20 කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි. එම ක්‍රියාකාරකම්වල මධ්‍යස්ථානය ලෙස IRGC සංවිධානය ක්‍රියා කරන බවත්, විශේෂයෙන් යුදෙව් ප්‍රජාව සහ ඉරාන විරෝධීන් ඉලක්ක කර ඇති බවත් බ්‍රිතාන්‍ය රජය සඳහන් කරනවා.

about 24 hours ago

ඛාමේනෙයි සහ ඝාතනය වූ සියලු පුරවැසියන්ට යුක්තිය ඉටු කරනවා - ඉරානය

ඛාමේනෙයි සහ ඝාතනය වූ සියලු පුරවැසියන්ට යුක්තිය ඉටු කරනවා - ඉරානය

ඝාතනයට ලක් වූ උත්තරීතර නායකයා සහ මියගිය සෑම පුරවැසියෙකු වෙනුවෙන්ම යුක්තිය ඉටු කරන බව ඉරානය යලිත් අවධාරණය කරනවා. ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බඝායී ප්‍රකාශ කළේ, ඝාතනයට ලක් වූ ඉරානයේ උත්තරීතර නායක අලි ඛාමේනෙයි සහ මියගිය සියලුම ඉරාන පුරවැසියන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බවයි. ටෙහෙරානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, "මෙය රජය දැඩිව අනුගමනය කරන මූලික ප්‍රතිපත්තියක් වන අතර, විදේශ අමාත්‍යාංශයද එම ක්‍රියාවලියේ කොටසක් ලෙස කටයුතු කරනවා" යනුවෙනි. එමෙන්ම, අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් සිදු කළ හා කරන ක්‍රියා සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිමය සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයන් සියල්ල භාවිත කර සාක්ෂි ලේඛනගත කර යුක්තිය ඉටු කර ගැනීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා. තවද, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය සම්බන්ධයෙන් ඕමානය සමඟ ඒකාබද්ධ ක්‍රියාකාරී යාන්ත්‍රණයක් පිහිටුවීමට ඉරානය උත්සාහ දරන නමුත්, අමෙරිකාවේ පීඩනය හේතුවෙන් එම සාකච්ඡා ප්‍රමාද වී ඇති බවද බඝායී සඳහන් කළා.

1 day ago

හෝමුස් හරහා යන නැව්වලින් සියයට 20ක ගාස්තුවක් අයකිරීමට ට්‍රම්ප් සැරසෙයි

හෝමුස් හරහා යන නැව්වලින් සියයට 20ක ගාස්තුවක් අයකිරීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරාන වරායන් වෙත පනවා තිබූ නාවික අවහිරතා නැවතත් බලාත්මක කිරීමට අමෙරිකාව පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.

තම නිල Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව තහවුරු කළේය.

ජනාධිපති ට්‍රම්ප් තැබූ සම්පූර්ණ සටහන පහතින් දැක්වේ:

"හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතිනවා, එය ඉරානය සිටියත් නැතත් දිගටම විවෘතව පවතිනු ඇත. අපි 'ඉරාන නාවික අවහිරතාව' නැවතත් බලාත්මක කරනවා. මෙයට මෙම නම යෙදුවේ ඉරාන නැව් හෝ ඔවුන්ගේ පාරිභෝගිකයන්ට පමණක් ඇතුළු වීම සහ පිටවීම වළක්වන බැවිනි. අනෙකුත් සියලුම රටවලට සමුද්‍ර සන්ධිය සාධාරණ ලෙස සහ විවෘතව භාවිත කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

මෙතැන් සිට අමෙරිකා එක්සත් ජනපදය, 'හෝමුස් සමුද්‍ර සන්ධියේ භාරකරු' ලෙස හඳුන්වනු ලබනවා. නමුත් සාධාරණත්වය උදෙසා, ලෝකයේ මෙම අතිශය නොසන්සුන් කලාපයට ආරක්ෂාව සැපයීමේ කාර්යය සඳහා වැය වන සියලුම පිරිවැය වෙනුවෙන්, එම මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කෙරෙන සියලුම භාණ්ඩ සඳහා 20% ක අනුපාතයකින් අපට මුදල් ප්‍රතිපූරණය කළ යුතුයි. මේ සඳහා වන ක්‍රියාවලිය සහ ව්‍යුහය සැකසීම වහාම ආරම්භ කෙරේ."

ජනාධිපතිවරයාගේ මෙම නව ප්‍රකාශයත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා භාණ්ඩ හා ඛනිජ තෙල් ප්‍රවාහනය කරන සෙසු ධනවත් රටවලින් 20% ක ආරක්ෂක බද්දක් අය කර ගැනීමට අමෙරිකාව සූදානම් වන බව පැහැදිලි වන අතර, මෙය ගෝලීය වෙළෙඳපොළට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති.

1 day ago

ජෝර්දානයේ ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුරට ඉරානයෙන් ප්‍රහාර

ජෝර්දානයේ ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුරට ඉරානයෙන් ප්‍රහාර

ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරානය තහවුරු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ප්‍රහාරයෙන් එරට ඉන්ධන ගබඩාවක සහ පතොරම් ගබඩා කිහිපයක ගින්නක් ද හටගෙන ඇති බවය.

නිවේදනයක් නිකුත් කරමින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කළේ, මෙම ප්‍රහාරය ඉරාන වෙරළබඩ හමුදා කඳවුරු වෙත අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමේ පළමු අදියර වන බවය.

මේ අතර අමෙරිකාව සහ ඉරාන හමුදා අතර දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ හේතුවෙන්, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සහ තවත් දින 60ක සාකච්ඡාවලින් පසුව යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින් පසුගිය මාසයේදී අත්සන් කරන ලද අමෙරිකා-ඉරාන අතුරු ගිවිසුම පිළිබඳව තවදුරටත් සැක මතු වී තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයේ පාලනය තමන් සතු කර ගැනීමට ඉරානය උත්සාහ කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගතව ඇති බවය.

2 days ago

අමෙරිකාවෙන් ඉරානයේ මිලිටරි සහ සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර

අමෙරිකාවෙන් ඉරානයේ මිලිටරි සහ සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර

ඉරානය සතු මිලිටරි සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් අමෙරිකානු ආරක්ෂක බලකායන් විසින් එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාර මාලාවක් හේතුවෙන්, දෙරට අතර පැවැති තාවකාලික සටන් විරාමය බිඳ වැටී යළිත් මහා පරිමාණ යුද්ධයක් ආරම්භ වීමේ දැඩි අවදානමක් මතුව ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා ඇති කරගත් සටන් විරාම ගිවිසුම "අවසන්" බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම ගුවන් සහ මිසයිල ප්‍රහාර මාලාව දියත් කර තිබේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ජාත්‍යන්තර වාණිජ නැව්වලට ඉරානය විසින් ප්‍රහාර එල්ල කළ බවට චෝදනා කරමින් අමෙරිකානු මධ්‍යම බලඇණිය (CENTCOM) විසින් මෙම ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.

අමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කරන්නේ ඉරාන වෙරළ තීරයේ පිහිටි ගුවන් ආරක්ෂණ පද්ධති, මිසයිල ගබඩා සහ නාවික කඳවුරු ඇතුළු මිලිටරි ඉලක්ක 90කට අධික සංඛ්‍යාවක් විනාශ කළ බවය.

කෙසේ වෙතත්, ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාර හුදු මිලිටරි ඉලක්කවලට පමණක් සීමා නොවූ බවය.

බුෂෙහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර කලාපය, බන්ඩර් අබ්බාස් (Bandar Abbas) වරාය නගරය මෙන්ම සිවිල් ජනතාව ගැවසෙන ප්‍රදේශ සහ පාසල් ආශ්‍රිතව ද ප්‍රහාරයන්හි බලපෑම හේතුවෙන් දැවැන්ත පිපිරීම් සිදුව ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරත් සමඟ ඉරානය ද නිහඬව නොසිටි අතර, ඔවුන් බහරේනය සහ කුවේටය වැනි කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු සහ මිත්‍ර රටවල් ඉලක්ක කරගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත.

මේ හේතුවෙන් සමස්ත මැදපෙරදිග කලාපයම යළිත් දැඩි යුද උණුසුමකට පත්ව ඇති අතර, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ද සීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් මතුව තිබේ.

3 days ago

තවත් නෞකාවට ප්‍රහාර එල්ල කළ බව ඉරානය කියයි

තවත් නෞකාවට ප්‍රහාර එල්ල කළ බව ඉරානය කියයි

හෝමුස් සමුද්‍ර සන්ධියේදී දෙවන නෞකාවටත් (offending vessel) ප්‍රහාර එල්ල කර එය නතර කිරීමට තමන් පියවර ගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) ප්‍රකාශ ක‍ර තිබේ.

ඇමරිකානු - ඊශ්‍රායල "ආක්‍රමණශීලී" ක්‍රියාවන් තවදුරටත් ඉදිරියට ගියහොත්, ඊට වඩා "විනාශකාරී" ප්‍රතිචාරයන් එල්ල වන බවට ද ඔවුන් අනතුරු අඟවා ඇත.

මෙය වාර්තා වන්නේ, සයිප්‍රස් රාජ්‍යයේ ධජය සහිත නෞකාවකට IRGC බලකාය විසින් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව, ඉරානය විසින් යළිත් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමූ පසුබිමකයි.

3 days ago

ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය නැවතත් වසා දමයි

ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය නැවතත් වසා දමයි

හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කළ නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, තමන් ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් දියත් කළ බව ඇමරිකාව පවසයි.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) ප්‍රකාශ කරන්නේ නැවත දැනුම් දෙන තුරු මෙම මුහුදු මාර්ගය වසා දැමූ බවයි.

රාජ්‍ය මාධ්‍යවලට අනුව, අදාළ නෞකාව එහි පද්ධති අක්‍රිය කර අනුමත මාර්ගයෙන් බැහැරව ගමන් කිරීම නිසා ඊට ප්‍රහාර එල්ල කර තිබේ.

සයිප්‍රස් රාජ්‍යයේ ධජය සහිත නෞකාවකට IRGC බලකාය විසින් "ප්‍රසිද්ධියේම ප්‍රහාර එල්ල කිරීමෙන්" පසුව, තමන් "මෙම සතිය තුළ එල්ල කළ තුන්වන ප්‍රහාර මාලාව" ක්‍රියාත්මක කළ බව ඇමරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය (Centcom) පවසයි.

මෙම සතිය මුලදී වාණිජ ටැංකි නෞකා තුනකට ප්‍රහාර එල්ල වීමේ සිදුවීම්වලින් පසුව, ඇමරිකාව සහ ඉරානය අතර අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රහාර හුවමාරු කර ගැනීම් මෙලෙස වර්ධනය වී ඇත.

3 days ago

අලි කාමේනෙයිගේ ඝාතනයට පළිගැනීම අනිවාර්යයි - මොජ්ටබාගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

අලි කාමේනෙයිගේ ඝාතනයට පළිගැනීම අනිවාර්යයි - මොජ්ටබාගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

තම පියාගේ මෙන්ම මෑතදී ඇති වූ යුද්ධ දෙකේදී ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනාගේ මරණයට පළිගැනීම අනිවාර්යයෙන්ම සිදුවන බව ඉරානයේ අභාවප්‍රාප්ත උත්තරීතර නායක අලි කාමේනෙයිගේ පුත්‍රයා වන මොජ්ටබා කාමේනෙයි අවදාරනය කරනවා.
ඉරානයේ හිටපු උත්තරීතර නායකයා වූ තම පියාගේ අවමංගල්‍ය උත්සවයෙන් පසු ප්‍රථම වරට මහජනතාව අමතමින් නව උත්තරීතර නායක මොජ්ටබා කාමෙනෙයි ප්‍රකාශ කළේ, "ඔබගේ පිරිසිදු ලේ වෙනුවෙන් මෙන්ම මෙම යුද්ධ දෙකේදී දිවි පිදූ සියලුම ශහීද්වරුන්ගේ ලේ වෙනුවෙන් අපි පළිගැනීමට ප්‍රතිඥා දෙමු... එය සමස්ත ඉරාන ජනතාවගේ අධිෂ්ඨානයයි." යනුවෙනි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තම පියාගේ අවමංගල්‍යයට මිලියන ගණනක් ජනතාව සහභාගී වූයේ "සතුරාගේ අභිලාෂයන් බිඳ දැමූ ඓතිහාසික ජනතා එකමුතුවක්" ලෙස බවයි. එම පළිගැනීම ඉරාන ජනතාවගේ ඉල්ලීමක් බවත්, එය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වනු ඇති බවත් ඔහු අවධාරණය කළා. තවද, "මෙම අපරාධවලට වගකිව යුතු පුද්ගලයන්ට තම ඇඳ මත සාමකාමීව මිය යාමේ බලාපොරොත්තුව පවා අහිමි වනු ඇත," යනුවෙන් ද ඔහු ප්‍රකාශ කොට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තමන් හෝ වෙනත් රාජ්‍ය නිලධාරීන් තනතුරුවල සිටියත් නැතත්, එම පළිගැනීම සිදු වන බවත්, "ලොව පුරා සිටින නිදහස අපේක්ෂා කරන පුද්ගලයන් මෙම දිව්‍යමය මෙහෙවරේ කොටසක් ඉතා ඉක්මනින් ඉටු කරනු ඇත," යනුවෙන් ද ඔහු සඳහන් කොට ඇත. මෙම පණිවිඩය ජූලි 9 දින යොමු කර තිබූ අතර එය මහජනතාව වෙත නිකුත් කරනු ලැබුවේ සෙනසුරාදා (07/10) දිනයේදීය.

3 days ago

ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් - මිසයිල 1,000 ක් සූදානම්

ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් - මිසයිල 1,000 ක් සූදානම්

තමන් ඝාතනය කිරීමට ඉරානය උත්සාහ කළහොත් ඉරානයට එරෙහිව දැවැන්ත
ප්‍රහාරයක් එල්ල කරන බවට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා. ඉරානයේ මෙම තර්ජනයට ප්‍රතිචාර දක්වමින් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ පළ කළ සටහනක මෙසේ සඳහනිව ඇත... " එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපතිවරයා වන තමාව ඝාතනය කිරීමට හෝ එවැනි උත්සාහයක් ගැනීමට ඉරානය ක්‍රියා කළහොත්, ඉරානය ඉලක්ක කර මිසයිල 1,000 ක් දැනටමත් සූදානම් කර තිබෙනවා.... අවශ්‍ය නම් ඒවාට අමතරව තවත් දහස් ගණනක් වහාම ප්‍රහාරයට එක් කරනවා." "අදාළ නියෝග දැනටමත් ලබාදී තිබෙනවා... එක්සත් ජනපද හමුදාව වසරක කාලයක් සඳහා, අවශ්‍ය නම් එම කාලය දීර්ඝ කරමින්, ඉරානයේ සියලු ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට සූදානමින්.. කැමැත්තෙන් සහ හැකියාවෙන් සිටිනවා." ඔහු සිය පණිවිඩය අවසන් කළේ "Praise be to Allah!" යන වදනින්. මෙම ප්‍රකාශය ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇති අතර, එක්සත් ජනපදය සහ ඉරානය අතර වර්ධනය වෙමින් පවතින තවදුරටත් උත්සන්න කළ හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

4 days ago

ඉරානයේ සියලු ප්‍රදේශ විනාශ කරන බවට, ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

ඉරානයේ සියලු ප්‍රදේශ විනාශ කරන බවට, ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

තමා ඝාතනය කිරීමට ඉරානය උත්සාහ කළහොත් අමෙරිකානු හමුදා ඉරානයේ සියලු ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ කරනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ට්‍රම්ප් විසින් ඔහුගේ 'Truth Social' ගිණුමෙහි තබන ලද සටහනකින් මේ බව අවධාරණය කර ඇත.

මීට පෙර ඉරානය ඉලක්ක කර ගනිමින් ඇමරිකාව විසින් දින කිහිපයක් තිස්සේ ගුවන් ප්‍රහාර එල්ල කර තිබූ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය ද මැදපෙරදිග පුරා පිහිටි විවිධ රටවල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර තිබුණි.

ඒ අනුව "ඉරාන රජය ඔවුන්ගේ තර්ජන ක්‍රියාත්මක කළහොත්, මිසයිල 1000ක් සූදානම් කර ඉරාන ඉස්ලාමීය ජනරජය වෙත ඉලක්ක කර ඇති අතර, තවත් දහස් ගණනක් වහාම ක්‍රියාත්මක වනු ඇත" යනුවෙන් ට්‍රම්ප් සටහන් කර තිබේ.

ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඇමරිකානු මිලිටරිය විසින් "ඉරානයේ සියලුම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ කරනු ඇති" බවයි.