
චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා හමුවෙයි. ඒ ඊයේ(23) ඉන්දියාවේ නවදිල්ලි නුවරදීය.
වර්තමානයේ චීනය, ඉන්දියාව මෙන්ම සමස්ත ගෝලීය දකුණේ රටවල් පොදු සංවර්ධනයක් සාක්ෂාත් කර ගනිමින් සිටින අතර බ්‍රික්ස් සංවිධානයේ වාරික සභාපතිත්වය හිමි රට ලෙස ඉන්දියාවට සිය කටයුතු ඉටු කිරීමට සහාය ලබා දෙන බවත් Wang Yi මහතා එහිදී පැවසීය.
එමෙන්ම බ්‍රික්ස් යාන්ත්‍රණයේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාව සමග එක්ව ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.
චීන-ඉන්දියා ඒකාබද්ධ දායකත්වයෙන් විවිධ අංශවල සන්නිවේදනය ක්‍රමිකව යථා තත්ත්වයට පත් වෙමින් ඇති අතර හුවමාරු සහ සහයෝගීතාවල වර්ධනයක් දැකිය හැකි බවත් Wang Yi මහතා මෙහිදී කියා සිටියේය.
එමෙන්ම දෙරට අතර දේශසීමා කලාපය සාමකාමී බවත් එය අතිශය දුෂ්කරව අත් කර ගත් ජයග්‍රහණයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා මෙහිදී සඳහන් කළේ ඉන්දියාව චීන මහජන සමූහාණ්ඩුව පිළිගත් ලොව පළමු රටවලින් එකක් ලෙස චීන තායිවාන ප්‍රදේශය සම්බන්ධ ප්රශ්නයේදී සිය ස්ථාවරයෙහි අඛණ්ඩව එළඹ සිටින බවය.
එමෙන්ම ඉන්දියාව අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ප්‍රධාන කරුණුවලදී චීනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමටත්, බහුපාර්ශ්විකවාදය ඒකාබද්ධව ආරක්ෂා කිරීමටත්, සංවර්ධනය වෙමින් පවතින රටවල නීත්‍යනුකූල අයිතිවාසිකම් හා අවශ්‍යතා ආරක්ෂා කිරීමටත් අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.