
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් (Keir Starmer) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, මීළඟ මහා මැතිවරණයකට තම පක්ෂය මෙහෙයවීම සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා තමන්ද යන්න පිළිබඳව ලේබර් පක්ෂය තුළ ප්‍රශ්න මතු වෙමින් තිබූ බවයි.
තමන් ධුරය දරන කාලය තුළ ගනු ලැබූ සෑම තීරණයක්ම "රට මුලින් තැබීම" වෙනුවෙන් ගත් තීරණ බව ද ඔහු එහිදී අවධාරණය කරන ලදී.
තරමක් සංවේදී වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා, තමන්ගේ ශක්තිය වූ සිය ආදරණීය බිරිඳ වන වික්ටෝරියාට ද ස්තුතිය පුද කළ අතර, තම දරුවන්ට හොඳම පියා වීමට තමන්ට අවශ්‍ය බව ද පැවසීය.
එමෙන්ම ලේබර් පක්ෂය විසින් නව නායකයෙකු තෝරා ගන්නා තෙක් තමන් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටින බව ද ස්ටාමර් ප්‍රකාශ කරන ලදී.
ස්ටාමර්ගෙන් පසු ලේබර් පක්ෂයේ සහ අගමැති ධුරයේ අනුප්‍රාප්තිකයා වීමට වැඩි ඉඩක් ඇති ඇන්ඩි බර්න්හැම් (Andy Burnham) පසුගිය සතියේ පැවැති අතුරු මැතිවරණයකින් ජයග්‍රහණය කිරීමෙන් පසු මේ වන විට වෙස්ට්මිනිස්ටර් වෙත පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.