
අතුරුදන් වූ 19 හැවිරිදි තරුණියක් සොයා ගැනීමට පොලිසිය මහජන සහය අපේක්ෂා කර තිබේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ, ඉහත ඡායාරූපයේ සිටින රත්නායක මුදියන්සේලාගේ කාවින්ද්‍යා භවනි නම් අයයි.
තමන්ගේ දියණිය අතුරුදන් බව සඳහන් කරමින්, ඇටම්පිටිය පොලිස් වසමේ හාලිඇල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් ඉකුත් මාර්තු මාසයේදී ඇටම්පිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර තිබේ.
ඒ් අනුව ඇටම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉහත ඡායාරූපයේ දැක්වෙන මෙම අතුරුදන් තරුණිය පිළිබඳව වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර, ඇය සොයාගැනීම සඳහා ක්‍රියාත්මක විමර්ශනය සඳහා මහජන සහය අපේක්ෂා කරයි.
නම - රත්නායක මුදියන්සේලාගේ කාවින්ද්‍යා භවනි
වයස - අවුරුදු 19 යි.
රූප ස්වභාවය - උස අඩි 05යි අගල් 06ක් පමණ උස සාමාන්‍ය සිරුර,තළෙළු, කොණ්ඩය ඉන දක්වා වවා ඇත.
තොරතුරක් දැනුම් දිය යුතු දුරකථන අංක -
ස්ථානාධිපති, ඇටම්පිටිය පොලිස් ස්ථානය - 071 8591528
පොලිස් ස්ථානය, ඇටම්පිටිය - 055 2294965