
චැම්පියන්ස් ලීග් අවසන් මහා තරඟයේදී පැරිස් සෙන්ට්-ජර්මේන් කණ්ඩායම ජයග්‍රහණය කිරීමෙන් පසු දහස් ගණනක් ඇදී ආ පිරිස් අතර පැරිස් අගනුවර දී දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
මෙලෙස ගලා ආ පිරිස් අතර ප්රචණ්ඩ ගැටුම් ඇති වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස ප්රචන්ඩකාරීව හැසිරුණු පිරිස් අතරින් ප්‍රංශ පොලිසිය විසින් 280 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධය වාර්තා කරනවා.
ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, රට පුරා පුද්ගලයින් 416 දෙනෙකු රඳවාගෙන ඇති අතර, ඉන් 283 දෙනෙකු පැරිසියේදී අත්අඩංගුවට ගත් අය වන අතර වැඩිදුර විමර්ශන සඳහා මෙම පුද්ගලයින්ගෙන් කොපමණ සංඛ්‍යාවක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්ද යන්න තවම වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හංගේරියාවේ Puskás Arénaහිදී ඊයේ (30)මෙම තීරණාත්මක තරඟය පවත්ව තිබෙනවා.
නියමිත කාලය අවසන් වනවිට කණ්ඩායම් දෙකම ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයේ පසු වී ඇති අතර ඒ අනුව ජයග්‍රාහකයන් තේරීම සඳහා ලබාදුන් දඬුවම් පහර අවස්ථාවේදී 4-3ක් ලෙස තියුණු ජයක් වාර්තා කිරීමට PSG කණ්ඩායම සමත් වී තිබෙනවා.
වසර 71ක චැම්පියන්ස් ලීග ඉතිහාසය තුළ PSG කණ්ඩායම ශූරතාව දිනා ඇත්තේ මෙම අවස්ථා දෙකේදී පමණක් වීම විශේෂත්වයක්.
කෙසේ වුවද මෙම ජයග්‍රහණය හමුවේ ඉන් උද්ධාමයට පත් වූ ප්‍රංශ ක්‍රීඩාලෝලීන් පැරිස් අගනුවර වීදි ආක්‍රමණය කරමින් එය ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කර තිබෙනවා.
මෙමෙ පිරිස් බස්, දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවාවලට දැඩි ලෙස බාධාකළ ක්‍රීඩාලෝලීන් අනතුරුදායක ලෙස ගිනිකෙළි සහ ගිනිදැල් දල්වමින් ප්රචන්ඩකාරීව හැසිරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම නොසන්සුන්තාවයන් මැඩපැවැත් වී උදෙසා පොලිස් නිලධාරීන් දහස් ගණනක් යෙදවීමට සිදුව ඇති අතර ක්‍රීඩාලෝලීන් සමඟ ඇතිවූ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුම තුවාල ලබා තුවාල ලබා ඇති බව ද වාර්තා වනවා.
මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිස් විසුරුවා හැරීම සඳහා පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදු වඋ බවයි ෙවිදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
පසුගිය වසරේ ශූරතාව දිනාගත් අවස්ථාවේදීද ප්‍රංශය තුළ මෙවැනිම ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන තිබුණා.