
මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්රමික බලකායේ (බන්ධ පොලිස් ) නිලධාරීන් 10 ක් සහ රැඳවියන් 21 ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 287 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (14) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය. ඒ සම්බන්ධයෙන් සිද්ධිය වන විට රඳවා සිටි සියලුම රැඳවියන්ගෙන් ප්‍රකාශ ලබා ගත යුතු බැවින් මේ වන විට රැඳවියන් ලංකාව පුරා ඇති බන්ධනාගාර වල රඳවා ඇති නිසා ඒ සම්බන්ධයෙන් ඉඩ සලසා දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරික්ෂක කරුණාතිලක මහතා ඉල්ලිමක් කළා. ඒ සම්බන්ධයෙන් මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරනු ලැබුවාය. ඉකුත් 05 සහ 06 යන දෙදින මීගමුව බන්ධනාගාරය තුළ සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ අංශයේ සහකාර පොලිස් පරික්ෂක කලුආරච්චි මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්විමක් කළහ. එහීදි එම නිලධාරීන් සඳහන් කලේ සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගන්නා සියලුම සැකකරුවන්ට මිනි මැරුම් චෝදනා යටතේ, ගිනි අවි අඥා පනත යටතේ සහ පොදු දේපල පනත යටතේ නඩු පවරන බවයි. දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113, 146, 186, 300, 315, 316, 317, 344 සහ ඉහත පනත් යටතේ වැරදි සිදුව ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය. මේ වන විට එම ඝාතනයන්ට යොදා ගත් ආයුධ සෙයා ගත් බවත්, ගිනි අවි 60 ක් ජීව උණ්ඩ සහිතව නඩු භාණ්ඩ කාමරය වෙත භාර දුන් බවද සඳහන් කළේය. එම අවි ඉදිරියේ දී නඩු විභාගය සඳහා අවශ්‍ය වන විට අධිකරණයට ඉදිරිපත් කරන බවද ප්‍රකාශ කළේය. බන්ධනාගාර පරිශ්‍රයේ සවිකර තිබු සීසි ටීවි කැමරා වල DVR යන්ත්‍ර රැඳවියන් විනාශ කර ඇති අතර එවායේ තිබි දෘඩ තැටි දෙකක් සෙයා ගත් බවත් ඒවා මොරටුව විශ්ව විද්‍යාලයේ පරිඝනක අංශයට යොමු කරන ලෙසත් ඉල්ලා සිටියේය. මහෙස්ත්‍රාත්වරිය ඊට අවසර ලබාදුන්නාය. සිදුව ඇති මරණ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී යොමු කල කෙටි මරණ පරික්ෂන වාර්තා තුනක්ද ඉදිරිපත් කළේය. බරපතලෙස කල පහර දිම්, වෙඩි වැදිම් සහ විවෘත තීන්දු සම්බන්ධයෙන් එම කෙටි වාර්තා ලබා දී තිබේ.
ස්වාමිනි... ඉකුත් 05 වැනිදා උදේ කාලයේ තමයි මේ සිද්ධිය සම්බන්ධයෙන් මුල්
සිදුවිම ඇති වෙලා තියෙන්නේ.... බන්ධනාගාරයේ A1 යන වාට්ටුවේ රඳවා සිටි
සැකකරු අංක 4423 යන සුරේෂ් පුෂ්පකුමාර නොහොත් කටුවැල්ලේගම සුරේෂ්
නැමැත්තාට ව්‍යායාම කිරීමට ලබා දුන් කාලය මදි යැයි කියා නිලධාරීන් සමඟ
කලහාකාරි ලෙස හැසිරිලා... ඒ නිසා ඔහු L වාට්ටුවට යොමු කරලා.... එතනදි
නැවත ගහගෙන.... ඒ නිසා නැවත A1 එක දලා.... එතනදි ගහගෙන තමයි මුල්
අවස්ථාවේ රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් 36 තුවාල ලබන්නේ.... එම තත්ත්වය
පාලනය කිරීමට යාමේදි රැඳවියන් විසින් සම්පූර්ණ බන්ධනාගාරයේම පාලනය අතට
ගන්නවා.... ඒ නිසා නිලධාරීන් මිගමව පොලිසියට සහ මිගමුව අපරාධ කොට්ඨාසයට
වාර්තා කරනවා..... එතනදි අපරාධ ස්ථානය පරික්ෂා කිරීමට පොලිස් නිලධාරීන්
ඇතුළු වීමට යාමෙදී ඇතුළු වීමට ඉඩ දිලා නැ.... පසුදා වන තුරුම රැඳවියන් අතේ
පාලනය තිබු බැවින් බන්ධනාගාර නිලධාරීන් කොළඹින් බන්ධ පොලිස් නිලධාරීන් 89 ක්
ගෙන්වාගෙන තියනවා....ඒ වන විට බන්ධනාගාර තුල රැඳවියන් 2417 ක් සිටියා...
සිරකරුවන් 162 ක් සහ රිමාන්ඩ් සිරකරුවන් 2255ක්. එමෙන්ම කාන්තාවන් 161ක්
සහ 2256ක්.
කාර්ය මණ්ඩල නිලධාරීන් 161 සිටියා... වාට්ටු 16ක් තියනවා... 06 වැනිදා උදේ
කෑම දෙන්න ගියාම රැඳවියන් කියලා තියනවා සර්ලා එන්න එපා....ඉක්මනින් මෙතනින්
යන්න කියලා.... ඒ අවස්ථාවේ දී තමයි උදේ 10.30 ත් 10.50 ත් අතර සිද්ධිය නැවත
ආරම්භ වෙලා තියෙන්නේ.... එතනදි රැඳවියන් මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට
පහර දිලා තියනවා.... ඒ අය දුවලා ඇවිත් දැල් දොර අසලට පැමින බේරිලා... රණ්ඩු
බේරන්න ගිය බන්ධ පොලිස් නිලධාරීන්ට දැල් දොර පැත්තට දුවන් එන්න අවබෝධයක්
නැති නිසා ඒ අය ඇතුලේ හිර වෙලා... එහිදී රැඳවියන් මැරෙන තුරු පහරදිලා තියනවා.
රැඳවියන් අවි ගබඩාව කඩා තුවක්තු පැහැරගෙන වෙඩි තැබුවාට පස තමයි විශේෂ
කාර්ය බලකා නිලධාරීන් වෙඩි තැබුවේ.... බන්ධනාගාර තුල සිදු කල සොදිසි වලින් ටි 56
උන්ඩ සහ මි.මි 9 ප්‍රමාණයේ උන්ඩ 271 ක් සොයා ගත්තා.... මේ වන විට විමර්ශන
කණ්ඩායම් තුනක නිලධාරීන් 40 ක් විමර්ශන සිදු කරනවා.... ඉදිරි දිනයේදී සැකකරුවන්
නම් කිරීමට බලාපොරොත්තු වෙනවා.... තක්සේරුවක් ලබා ගැනීමට තක්සේරු
දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටිනවා.... ඒවගේම
බන්ධනාගාරයයේ සිසි ටිවි කැමරා සවි කර ඇත්තේ යුද හමුදාව මගින්... එවායේ
අන්තර්ජාලය තුල පටිගතව ඇති දර්ශන ලබා ගැනීම සඳහා යුද හමුදා සංඳා බලකායට
නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
එහිදි එම නිලධාරීන් ඉල්ලා සිටි සියලුම නියෝග මහෙස්ත්‍රාත්වරිය විසින් නිකුත් කරනු
ලැබුවාය.
ඉදිරිපත් වු සියලු කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරිය විමර්ශන ප්‍රගතිය 16 වැනිදා
ඉදිරිපත් කරන ලෙසත් මරන පරික්ෂණ සම්බන්ධයෙන් මෙතෙක් සාක්ෂි කැඳවා නැති
මරන සම්බන්ධයෙන් සාක්ෂි කැඳවීමට සුදානම් කරන ලෙස අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට
නියෝග කළාය.