
මළල ක්‍රීඩක රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 05 වන ස්ථානයට පත්ව තිබෙනවා.
ඔහු මීට පෙර ලෝක ශ්‍රේණිගත කිරීම්වල 07 වන ස්ථානයේයි පසුවුණේ.
මෙය ශ්‍රී ලංකා මළල ක්‍රීඩකයෙකු ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානයකට ගිය පළමු අවස්ථාව වනවා.
මේ අතර, රුමේෂ් තරංග අද ඉතාලියේදී රෝම ඩයමන් ලීග් මළල ක්‍රීඩා තරගවලියට එක්වීමට නියමිතයි.