
අයෝමාල් අකලංක, මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ධාවන ඉසව්වේ ශ්රී ලංකා වාර්තාව වසර 26කට පසු අද (11) අලුත් කළා.
ඒ මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 23න් පහළ ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේදී එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගනිමින්.
එහිදී ඔහු තත්පර 49.03කින් තරගය අවසන් කළා.
මීට පෙර ශ්රී ලංකා වාර්තාව පිහිටුවා තිබුණේ හරිජන් රත්නායක විසින්.
ඔහු මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ධාවන ඉසව්වට දක්වා තිබු දක්ෂතාව තත්පර 49.44කි.
මෙවර වයස අවුරුදු 23න් පහළ ආසියානු මලල ක්රීඩා ශූරතාවලිය චීනයේදී පැවැත්වේ.