
සුප්රකට 'Game of Thrones' (GoT) කතා මාලාවේ රූගත කිරීම් සඳහා භාවිත කළ මකර බිත්තර 3 සහ ඒවා දමා තිබූ ලී පෙට්ටිය ප්රථම වතාවට වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ.
මෙම බිත්තර තුන සහ ඒවා තැන්පත් කර ඇති ලී පෙට්ටිය, කතාමාලාවේ පළමු වෙනි කොටසේදී ඩෙනේරිස් ටාගේරියන් (Daenerys Targaryen) හට තෑගි කරනු ලැබූ ඒවාය.
'Heritage Auctions' ආයතනය හරහා සිදුකෙරෙන මෙම වෙන්දේසියේ අවසන් අදියර ජූලි 15 වැනිදා පැවැත්වීමට නියමිතය.
දැනටමත් මේ සඳහා ලැබී ඇති මිල ගණන් ඩොලර් 21,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
මීට පෙර 2024 වසරේදී පැවැත්වුණු 'Game of Thrones' වෙන්දේසියකදී 'Iron Throne' හි අනුරුවක් (Replica) ඩොලර් මිලියන 1.5 කට ආසන්න මුදලකට අලෙවි විය. මේ හේතුවෙන්, නිෂ්පාදනය සඳහා සැබවින්ම භාවිත වූ මෙම බිත්තර කට්ටලය ද ඉතා ඉහළ මිලකට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමෙන්ම HBO ආයතනය විසින් මේවා සැබෑ නිෂ්පාදන උපකරණ ලෙස සහතික කර ඇත.