
ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණී සමරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු ප්‍රේක්ෂක මතකයේ රැඳී ඇත්තේ, ‘‘තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ'' එන “සෝබාව දේ මෙපුර - සිරි විසිතුරු” ගීතයෙනි.
ගාමිණී සමරකෝන්, වේදිකාවේ කැපී පෙනෙන චරිත රඟපෑ අපූර්වත ම රංගන ශිල්පියෙකි.
ඔහු වඩාත් ප්‍රකට සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ ’ නාට්‍යයේ මනමේ කුමාරයාගේ චරිතයෙනි.
වේදිකාවට පමණක් සීමා නොවුණු ඔහුගේ රංගනය සිනමාව, ටෙලි තිරය තුළ ද රසික ආකර්ෂණය දිනාගැනීමට සමත්කම් දැක්වීය.
එමෙන්ම ඔහු දක්ෂ උඩරට නර්තන ශිල්පියෙක් ද වෙයි.
තාරාවෝ ඉගිලෙති, මනමේ, නරි බෑනා, කදාවළලු, සක්කාය දිට්ඨි, අඹු සැමියෝ, දේශපාලුවා, විශේෂ කොමසාරිස්, උතුරේ රාහුල, මධුර ජවනිකා, පොකුරු වැස්ස, අසාත මන්තරේ යනාදිය ඔහුගේ වේදිකා රංගනයන් අතර විශේෂය.
ගේ කුරුල්ලෝ, මලට නොඑන බඹරු, මුහුදු ලිහිණි, අළු යට ගිනි, භේරුණ්ඩ පක්ෂියා, ඩොරින්ගේ සයනය, ඉර සේවය, සුදු අප්පච්චි ඔහු රඟපෑ චිත්‍රපට අතරින් කිහිපයකි.
ටෙලිනාට්‍ය රැසක ද ඔහු චරිත නිරූපණය කර තිබේ.
රන්මසු උයන, එක මවකගෙ දරුවෝ, තාරා දේවි, ගම්පෙරළිය, නිදිකුම්බා මල්, කුමාරයාණෙනි, බැද්දෙ සෙනෙහස, ගල් පිලිම සහ බොල් පිළිම, කැලෑහඳ ඒ අතර ප්රකටය.
ගාමිණී සමරකෝන් මහතා කෙටි කලක් හැටන් පොලිසියේ ද සේවය කර තිබේ. එමෙන්ම ඔහු කොළඹ වෙස්ලි විදුහලේ ගුරුවරයෙකි.
සොඳුරු කලාකරුවාණෙනි, ඔබට සුබ ගමන් !