
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි හෝටලයක අද (ජූනි 03) ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
මෙය මෑත වසරවලදී දිල්ලි අගනුවර සිදු වූ දරුණුතම ඛේදවාචකයක් ලෙස සැලකේ.
මෙම හෝටලය දකුණු දිල්ලියේ පිහිටි, සිසුන් සහ තරුණ වෘත්තිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය නේවාසික ප්‍රදේශයක් වන 'මාල්වියා නගර්' (Malviya Nagar) හි පිහිටා ඇත.
මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 40 දෙනෙකු පමණ බේරාගෙන ඇති බව පොලිසිය පවසයි.
ගින්න හටගත් අවස්ථාවේදී එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු ගොඩනැඟිල්ලේ ඉහළ මහලකින් පහළට පනින අයුරු ද වීඩියෝ දර්ශනවල සටහන්ව ඇත.
අදාළ ගොඩනැඟිල්ලේ බිම් මහලේ අවන්හලක් (Restaurant) ක්‍රියාත්මක වී ඇති බවත්, ගින්න හටගැනීමට එම අවන්හල සම්බන්ධ වීමේ වැඩි ඉඩකඩක් පවතින බවත් සඳහන්.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම සිදුවීමෙන් සිදු වූ ජීවිත හානිය පිළිබඳව සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර ඇති අතර, වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත ශෝකය පිරිනමමින් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.