
හිස්බුල්ලා ත්‍රස්ත කණ්ඩායම විසින් ලෙබනනයේ පවතින සටන් විරාම ගිවිසුම් දිගින් දිගටම උල්ලංඝනය කරමින් ඊශ්‍රායල නගර සහ වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන්, බේරූට්හි 'දාහියේ' (Dahiyeh) දිස්ත්‍රික්කයේ පිහිටි ත්‍රස්තවාදී ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන ලෙස අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් විසින් ආරක්ෂක බලකායට (IDF) නියෝග කර තිබේ.
මේ බව නෙතන්යාහුගේ කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන්.
පසුගිය අප්‍රේල් මැද සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ ද, ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සංවිධානය අතර අඛණ්ඩව ප්‍රහාර හුවමාරු වී ඇත.
එහිදී ගුවන් ආරක්ෂක පද්ධතිවලට හඳුනා ගැනීමට අපහසු, ඩ්‍රෝන යානා හිස්බුල්ලා සංවිධානය විසින් බහුලව භාවිත කර ඇති අතර, ඉන් දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල සෙබළුන් කිහිපදෙනෙකු ද මියගොස් තිබේ.
හිස්බුල්ලා සංවිධානය සිය මිත්‍ර රටක් වන ඉරානයට සහය දැක්වීම සඳහා මාර්තු 2 වනදා සිට ඊශ්‍රායලයට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය.
මෙය ඉරාන යුද්ධයේ දැවැන්තම ව්‍යාප්තියක් ලෙස සැලකෙන අතර, ඊශ්‍රායල ප්‍රහාර සහ ඉවත් වීමේ නියෝග හේතුවෙන් මේ වන විට ලෙබනන් වැසියන් මිලියන 1.2 කට අධික පිරිසක් අවතැන් වී ඇත.
ලෙබනන් රජයේ දත්තවලට අනුව මෙම ගැටුම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 3,370 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊශ්‍රායල පාර්ශවයෙන් ඔවුන්ගේ සෙබළුන් 24 දෙනෙකු සහ සිවිල් වැසියන් සිව්දෙනෙකු (4) මියගොස් ඇති අතර, හිස්බුල්ලා ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ පදිංචි දසදහස් සංඛ්‍යාත පිරිසක් ද අවතැන් වී ඇත.