
ඉබෝලා වෛරසයට එරෙහි එන්නතක් නිපදවීමට මාස 9ක් දක්වා කාලයක් ගතවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිවේදනය කර තිබෙනවා.
දැනට ව්‍යාප්ත වන ඉබෝලා ප්‍රභේදයට එරෙහිව පර්යේෂණ මට්ටමේ පවතින එන්නත් (Candidate vaccines) දෙකක් සංවර්ධනය වෙමින් පවතින නමුත්, ඒවා මෙතෙක් සායනික පරීක්ෂණවලට (Clinical trials) ලක් කර නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක වෛද්‍ය වාසී මූර්ති (Dr Vasee Moorthy) ප්‍රකාශ කර ඇත.
ඒ අනුව වඩාත්ම බලාපොරොත්තු තැබිය හැකි එන්නතක් නිෂ්පාදනය කර ගැනීමට අවම වශයෙන් මාස 6 සිට 9 දක්වා කාලයක් ගතවනු ඇති බව සඳහන්.
මෙම නව ප්‍රභේදය (Bundibugyo species) ඉතා කලාතුරකින් දැකගත හැකි ප්‍රභේදයක් බැවින්, එය මර්දනය කිරීමට ඇති වෛද්‍ය මෙවලම් සහ ඖෂධ හිඟ බවයි වාර්තා වන්නේ.
දැනට ලොව පවතින එකම අනුමත ඉබෝලා එන්නත ක්‍රියාත්මක වන්නේ 'Zaire' ප්‍රභේදයට එරෙහිව පමණක් බව සඳහන්.
විදෙස් වාර්තාවන්ට අනුව කොංගෝ රාජ්‍යය සහ උගන්ඩාව තුළ ඉබෝලා වැළඳී ඇතැයි සැකකෙරෙන රෝගීන් සංඛ්‍යාව 600ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් සිදුවූ මරණ සංඛ්‍යාව 139ක් දක්වා වැඩි වී තිබේ.
මෙම සංඛ්‍යාලේඛන තවදුරටත් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.