
චීනය මේ වසරේදී විදේශ වෙළඳාම ප්රශස්ත මට්ටමක පවත්වා ගනිමින් සිටින බව චීන රේගු පරිපාලනය පවසයි.
අද(14) නිකුත් කළ එහි නවතම දත්ත වාර්තාවන්ට අනුව 2026 වසරේ මුල් භාගයේදී, චීනයේ භාණ්ඩ වෙළඳාමේ මුළු ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 25.47 දක්වා ළඟා වී ඇත.
එම වටිනාකම වසරේ මුල් භාගයේදී ට්‍රිලියන 25 ඉක්මවූ ඉතිහාසයේ පළමු අවස්ථාව බව චීන රේගු බලධාරීන් පවසයි.
එය පෙර වසරට සාපේක්ෂව 16.9% ක වර්ධනයකි.
ඒ අතරින්, අපනයන වටිනාකම ට්‍රිලියන 14.73ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂ ව 13.4%ක වර්ධනයකි.
ආනයන වටිනාකම ද ට්‍රිලියන 10.74ක් වන අතර එය 22.1%ක වර්ධනයක් බව නවතම රේගු දත්ත වාර්තාවන්හි දැක්වේ.