
පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 32 දෙනෙකු තුවාල ලබා ඇති බව ගාසා සෞඛ්‍ය බලධාරීන් පවසනවා. එම අමාත්‍යාංශයට අනුව, 2025 ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වූ "සටන් විරාමය" ආරම්භයෙන් පසු මේ දක්වා පලස්තීනුවන් 1,108 දෙනෙකු මියගොස් ඇති අතර, 3,578 දෙනෙකු තුවාල ලබා ඇත. 2023 ඔක්තෝබර් 7 සිට මේ දක්වා ගාසා තීරයේ සමස්ත මරණ සංඛ්‍යාව 73,231 දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 173,686ක් බව ගාසා සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරනවා. මේ අතර අත්පත් කරගෙන ඇති බටහිර ඉවුරේ (West Bank) හවාරා (Hawara) ප්‍රදේශයේදී 79 හැවිරිදි ඉබ්රාහිම් ඉස්මයිල් අල්-ජබූර් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඊශ්‍රායල් පදිංචිකරුවන් පිරිසක් පහර දී තිබෙනවා. එම ප්‍රහාරයෙන් කාන්තාවන් සහ ළමුන් ඇතුළු එම පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ට ගම්මිරිස් ස්ප්‍රේ (pepper spray) ද භාවිත කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.