
එක්සත් ජනපදය සමඟ ඇති කරගත් එකඟතාවක් ඉරානය විසින් උල්ලංඝනය
කළ බව පවසන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝර්මුස් සමුද්‍ර සන්ධිය
“බොහෝ විට පාලනයට ගන්නා” බව ප්‍රකාශන් කරනවා.
ෆොක්ස් නිව්ස් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව
ප්‍රකාශ කොට තිබෙනවා.
ඇමරිකානු ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත.....
“අපි සමුද්‍ර සන්ධිය පාලනයට ගන්නවා... ඔවුන්ට කිසිවක් නැහැ” යනුවෙනි.
ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකානු මධ්‍යම හමුදා අණදෙන ඒකකය (CENTCOM)
විසින් සිදුකළ ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ, ඇමරිකාව
ඉරානයට “දැඩි පහරක්” එල්ල කළ බවයි.
“ඔවුන්ගේ බොහෝ දේ විනාශ වී තිබෙනවා... ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධතිත්
විනාශ වී තිබෙනවා” යැයි පවසා තිබෙනවා.
මේ අතර, ඉරාන තානාපති කාර්යාලය සඳහන් කළේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය
හරහා ගමන් කිරීම සඳහා තාවකාලික ආරක්ෂිත මුහුදු මාර්ගයක් ස්ථාපිත කර
ඇති බවයි.
එහෙත් ඇමරිකානු හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන් එම ප්‍රදේශය “ඉහළ අවදානම් කලාපයක්”
බවට පත්ව ඇති බවයි.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය ලෝකයේ ප්‍රධාන තෙල් ප්‍රවාහන මාර්ගයක් වන අතර, එහි ඇතිවන
ඕනෑම අර්බුදයක් ගෝලීය බලශක්ති වෙළඳපොළට බලපෑම් ඇති කරනවා.