
ඉරානය නැවතත් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළහොත්, ඊට දැඩි හා ප්‍රබල ප්‍රතිචාරයක් දක්වන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරනවා. සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු කියා සිටියේ, "ඉරානයේ නායකයන්ට මම පැහැදිලිව කියනවා... ඔබ අපට ප්‍රහාර එල්ල කළහොත්, මෙතෙක් පැවති නිහඬ තත්ත්වය දිගටම පවතිනු ඇතැයි බලාපොරොත්තු නොවන්න." යනුවෙනි. "අපට ප්‍රහාර එල්ල කළත් අපි ප්‍රතිප්‍රහාර නොදක්වන යුගය දැන් අවසන්... මෙතැන් සිට අපට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට තීරණාත්මක හා ප්‍රබල ප්රතිප්රහාරයකින් පිළිතුරු දෙනවා." යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබෙනවා. මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර අවධානය යළිත් ඉහළ ගොස් තිබෙනවා.