
එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක බෙන් ස්ටෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කළේය.
මෙ වන විට නවසීලන්තය සමඟ Trent Bridgeහි පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් අනතුරුව මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව සඳහන් වේ.
අද (28) මෙම නිවේදනය නිකුත් කරන අවස්ථාවේදී ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේ රැස්ව සිටි ප්‍රේක්ෂකයින් සියලු දෙනාම අසුන්වලින් නැගී සිටිමින් ස්ටෝක්ස් වෙත සිය උපහාරය පුද කළ අතර, ඉන් අනතුරුව ඔහු යොමු කළ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ද සමත් වීම සුවිශේෂී සිදුවීමක් විය.
දැනට 35 වැනි වියේ පසුවන බෙන් ස්ටෝක්ස් 2011 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි අතර, ඔහු 2022 වසරේ සිට එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරනු ලබයි.
තම බිය නොමැති පිතිකරණය සහ නොබිඳෙන නායකත්වය හේතුවෙන් ක්‍රිකට් ලොව ප්‍රකට චරිතයක් වූ ස්ටෝක්ස්, 2019 වසරේ පැවැති පන්දුවාර 50 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී නොදැවී ලකුණු 84ක් රැස් කරමින් එංගලන්තයට ඔවුන්ගේ පළමු එක්දින ලෝක කුසලාන කිරුළ දිනා දීමට විශාල මෙහෙවරක් ඉටු කළේය.
එමෙන්ම එම වසරේම Ashes තරගාවලියේ Headingleyහි පැවැති තරගයකදී, පළමු ඉනිමේදී ලකුණු 67කට සීමා වූ එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 135ක් රැස් කරමින් ඔස්ට්‍රේලියාවට එරෙහිව එක් කඩුල්ලක සුවිශේෂී ජයක් කරා කණ්ඩායම මෙහෙයවීමට ඔහු සමත් විය.
එය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශිෂ්ටතම ටෙස්ට් ඉනිමකින් එකක් ලෙස සැලකේ.