
සංචාරක ශ්රී ලංකා කණ්ඩායමේ බ.ඉ. කොදෙව් සංචාරය අවසන් කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව නායක ධනංජය ද සිල්වා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
මෙම තරගයේදී ශ්රී ලංකා කණ්ඩායමේ වෙසන්කම් කිහිපයක් සිදුව තිබූ අතර, ඒ අනුව දකුණත් වේගපන්දු යවන්නෙකු වෙන ඉසිත විජේසුන්දර කැඳවා ඇත.
ඊට අමතරව පැතුම් නිස්සංක වෙනුවට ළහිරු උදාරද නම්කර තිබේ.