
තායිලන්තයේ බැංකොක් නගරයේ චාතුචක්හි (Chatuchak) පිහිටි "රොන්ග් බියර් නා ලාඩ්ප්රාඕ" (Rong Beer Na Ladprao) බියර් පබ් එකෙහි ඇතිවු ගින්නකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (07/12 - ඉරිදා රාත්‍රී 11.57 ට පමණ) හටගත් මෙම ගින්නෙන් තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මියගිය අය අතර පිරිමි 9 දෙනෙකු සහ කාන්තාවන් 18 දෙනෙකු සිටින අතර, තුවාල ලැබූවන්ගෙන් 22 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වනවා. තු වාලකරුවන් රෝහල් 16 කට ඇතුළත් කර තිබෙන බව තායිලන්ත බලධාරීන් පවසනවා. ගින්න හටගන්නා අවස්ථාවේ පබ් එක තුළ පුද්ගලයන් 300 කට ආසන්න පිරිසක් සිට ඇති බවත්, සාමාන්‍යයෙන් එම ස්ථානයට සෑම රාත්‍රියකම 600–700 අතර පිරිසක් පැමිණෙන බවත් සඳහන්. ගිනි නිවන අංශ සඳහන් කළේ ගින්න පැය භාගයක් ඇතුළත පාලනය කළ බවයි. පබ් එකෙහි සිටි සංගීතඥයින් පවසා ඇත්තේ වේදිකාවේ විදුලි පරිපථ පුවරුවක (Circuit Breaker) හටගත් දෝෂයක් හේතුවෙන් පළමුව විදුලිය ඇනහිටී, ඉන් අනතුරුව පිපිරීමක් සිදුව ගින්න පැතිර ගිය බවයි. පබ් එකෙහි සිවිලිමේ අලංකාර ද්‍රව්‍ය ඉතා වේගයෙන් ගිනිගෙන, ඒවායේ දහනයෙන් නිකුත් වූ විෂ සහිත දුම බොහෝ දෙනෙකුගේ මරණයට හේතු වූ බව බැංකොක් නගරාධිපති චැඩ්චාට් සිත්තිපුන්ට් (Chadchart Sittipunt) සඳහන් කළා. ගින්න ප්‍රධාන පිවිසුම දෙසට වේගයෙන් පැතිර යාමත් සමඟ පිරිස පිටුපස පිහිටි හදිසි පිටවීම් වෙත දිව ගොස් ඇත. එහෙත් දුම හේතුවෙන් මංමුලා වූ ඇතැම් පිරිස් හදිසි පිටවීම් වෙනුවට වැසිකිළි තුළට දිව ගොස් ඇති අතර, බොහෝ දෙනෙකු එහිදී සිහි නැතිව ඇද වැටී සිට තිබෙන බව සඳහන්. මේ වන විට ගින්නට නිශ්චිත හේතුව හඳුනා ගැනිම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙන බව තායිලන්ත බලධාරීන් පවසනවා.