
අභාවප්‍රාප්ත කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා (Father Emir) වන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි වෙනුවෙන් කටාර් රාජ්‍යය පුරා දින හතරක පොදු ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව රජයේ අමාත්‍යාංශ, ආයතන සහ පොදු ආයතනවල වැඩකටයුතු ජූලි 13 සඳුදා සිට තාවකාලිකව අත්හිටුවනු ලැබේ.
හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 74 කි.
1995 සිට 2013 දක්වා කටාර් රාජ්‍යය පාලනය කළ ෂෙයික් හමාඩ්, බලශක්ති සම්පත්වලින් පොහොසත් එම රටේ දැවැන්ත අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමේ ප්‍රධාන නිර්මාණකරුවෙකු විය.
ඔහුගේ පාලන සමය තුළ, ජාත්‍යන්තර ප්‍රජාව තුළ කටාර් රාජ්‍යයේ තත්ත්වය ඉහළ නැංවීමට හේතු වූ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික සංවර්ධනයක් රට තුළ දැකගත හැකි විය.