
'FIFA' ලෝක කුසලාන තරඟාවලියේ එංගලන්තය සහ නෝර්වේ අතර පැවැති අර්ධ අවසන් පූර්ව තරගය මුල් කරගනිමින් සමාජ මාධ්‍ය හරහා සිදු වූ සුහද ඔට්ටුවකින් පැරදීමෙන් පසු, 'නොර්වීජියන් එයාර්' (Norwegian Air) සමාගම සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම (Profile logo) තාවකාලිකව 'බ්‍රිටිෂ් එයාර්වේස්' (British Airways) සන්නාම ලාංඡනයෙන් වෙනස් කර තිබේ.
මෙම අභියෝගය සමාජ මාධ්‍යයේ මහත් කතාබහට ලක්විණ.
'නොර්වීජියන් එයාර්' සමාගම යෝජනා කර සිටියේ, පරාජයට පත්වන රට නියෝජනය කරන ගුවන් සේවය විසින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම (Profile logo) ජයග්‍රහණය කරන ගුවන් සේවයේ ලාංඡනයෙන් එක් දිනක් තැබිය යුතු බවයි.
'බ්‍රිටිෂ් එයාර්වේස්' සමාගම ද මෙම ඔට්ටුව භාරගත් අතර, තරඟය ආරම්භ වීමට පෙර ගුවන් සේවා සමාගම් දෙකම සමාජ මාධ්‍ය ඔස්සේ විනෝදකාමී පණිවිඩ හුවමාරු කර ගන්නා අන්දම දක්නට ලැබිණ.
අතිරේක කාලයේදී නෝර්වේ කණ්ඩායම 2-1 ක් ලෙස පරාජය කරමින් එංගලන්තය ලබාගත් ජයග්රහණයෙන් පසු, නොර්වීජියන් එයාර් සමාගම සිය එකඟතාවයට ගරු කරමින් තම ඉන්ස්ටග්‍රෑම් ලාංඡනය වෙනුවට බ්‍රිටිෂ් එයාර්වේස් සමාගමේ ලාංඡනය යොදන ලදී.
එමෙන්ම එම ගුවන් සේවය, එංගලන්තයට සහ බ්‍රිටිෂ් එයාර්වේස් සමාගමට ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුභ පැතුම් එක් කරමින් සුභපැතුම් පණිවිඩයක් ද පළ කර තිබුණි.
මෙම රසවත් සමාජ මාධ්‍ය සංවාදය අනෙකුත් ගුවන් සේවා සමාගම්වල ද අවධානයට ලක්ව තිබූ අතර, සමාජ මාධ්‍ය පුරා මිලියන සංඛ්‍යාත නරඹන්නන් ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට ද සමත්ව තිබේ.
නොර්වීජියන් එයාර් සමාගම සඳහන් කරන්නේ, ගෝලීය වශයෙන් ඉහළ ප්‍රතිචාරයක් ලබා ගැනීමට හැකි වූ මෙම ප්‍රචාරණ කටයුත්ත විශාල සාර්ථකත්වයක් අත්කරගත් බවයි.