
ඝාතනයට ලක් වූ උත්තරීතර නායකයා සහ මියගිය සෑම පුරවැසියෙකු වෙනුවෙන්ම යුක්තිය ඉටු කරන බව ඉරානය යලිත් අවධාරණය කරනවා. ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බඝායී ප්‍රකාශ කළේ, ඝාතනයට ලක් වූ ඉරානයේ උත්තරීතර නායක අලි ඛාමේනෙයි සහ මියගිය සියලුම ඉරාන පුරවැසියන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම රජයේ ප්රමුඛ වගකීමක් බවයි. ටෙහෙරානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, "මෙය රජය දැඩිව අනුගමනය කරන මූලික ප්‍රතිපත්තියක් වන අතර, විදේශ අමාත්‍යාංශයද එම ක්‍රියාවලියේ කොටසක් ලෙස කටයුතු කරනවා" යනුවෙනි. එමෙන්ම, අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් සිදු කළ හා කරන ක්‍රියා සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිමය සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයන් සියල්ල භාවිත කර සාක්ෂි ලේඛනගත කර යුක්තිය ඉටු කර ගැනීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා. තවද, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය සම්බන්ධයෙන් ඕමානය සමඟ ඒකාබද්ධ ක්‍රියාකාරී යාන්ත්‍රණයක් පිහිටුවීමට ඉරානය උත්සාහ දරන නමුත්, අමෙරිකාවේ පීඩනය හේතුවෙන් එම සාකච්ඡා ප්‍රමාද වී ඇති බවද බඝායී සඳහන් කළා.